Friday 30 August 2013

Gossip Lanka

ඔසාමා බින්ලාදීන් ඝාතනය කිරීම සඳහා ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය විසින් කළ මෙහෙයුම සඳහා සහාය දැක්වූ පාකිස්තාන ජාතික වෛද්‍ය ෂකීල් අෆ්රිඩීට ලබා දුන් තිස්තුන් අවුරුදු සිර දඬුවමට අදාළ නඩුව යළිත් විභාග කිරීමට පාකිස්තාන බලධාරින් තීරණය කොට ඇති බව කියැවේ. ලාදින් පිළිබඳ තොරතුරු රැස් කර ගැනීම සඳහා ජනතාවට එන්නත් ලබා දීමේ ව්‍යාජ වැඩ සටහනක් අරඹා ලාදීන් ගැන තොරතුරු සොයා ගැනීමේ රහස් වැඩ පිළිවෙලක් මෙම වෛද්‍යවරයා විසින් ක්‍රියාත්මක කර තිබේ. අෆ්රිඩිට එල්ල වූ මෙම රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් පසුගිය වසරේ මැයි මාසයේදී වරදකරුව වූ දින සිට ඔහු සිරගතකර සිටිනුයේ ‍පේෂාවර් මධ්‍යම බන්ධනාගාරයේය. අ‍ෆ්රිඩී විසින් සිදු කළ පාවා දීම බොහෝ පාකිස්තානුවන්ගේ අප්‍රසාදයට හේතුවී ඇති අතර ඔහුව නිදහස් කිරීම දේශපාලනික වශයෙන් ඉතා අහිතකර වනු ඇති බවට මත පළවේ. රුක්ලන්ති පෙ‍රේරා